Foreign Minister Dinesh Gunawardena reiterated the call of the Group of 77 for adequate funding for development initiatives enabling developing countries to overcome the multifaceted challenges hindering the achievement of the Sustainable Development Goals (SDGs), in the context of the exacerbated global situation due to the pandemic and its adverse effects on trade, tourism, investment and employment.

The Forty-Fourth Annual Meeting of Ministers for Foreign Affairs of the Group of 77 was held virtually on Thursday (12 November), chaired by the Minister for Foreign Affairs and International Cooperation of the Co-operative Republic of Guyana. The interactive dialogue was held on the theme "Major priority issues and the global response to the COVID-19 pandemic and the obstacles it poses to the implementation of the 2030 Agenda and achievement of the SDGs".

In a video statement, Minister Gunwardena highlighted the strong mandate given by the people of Sri Lanka to the President Gotabaya Rajapaksa both at the presidential election and the general election, for his Vision for Prosperity & Splendour that gives confidence to Sri Lanka to commit further to the goals of the G-77. He noted that Sri Lanka’s commitment to achieve the SDGs was reflected in the appointment of a Working Group to study the current status of Sri Lanka’s implementation & progress of the SDGs.

The Foreign Minister further underscored the platform provided by the Group to developing countries in articulating and promoting collective interests on all major international economic issues within the UN system and in promoting South-South cooperation for development. He also recalled the original contribution of Sri Lanka’s Economists, led by Dr. Gamani Corea, former Secretary General of UNCTAD, in mobilizing support for South-South cooperation.

Minister Gunawardena congratulated the President Dr. Mohamed Irfaan Ali, of Guyana for his stewardship of the Group, who made the key note address.  Volkan Bozkir, President of the 75th session of the UN General Assembly and António Guterres, Secretary-General of the United Nations also addressed the Meeting.

Foreign Ministry

Colombo

 

13 November 2020

 

44th Annual Meeting of Ministers for Foreign Affairs of the Group of 77

Statement issued by Hon.  Dinesh Gunawardena, Foreign Minister of the Democratic Socialist Republic of Sri Lanka for the Interactive Dialogue on Major Priority Issues and the Global Response to the COVID-19 Pandemic and the Obstacles it poses to the Implementation of the 2030 Agenda and Achievement of the SDGs

  ...............................................

Hon. Chairman

Excellencies

Distinguished delegates

As a founding member of the Group of 77, Sri Lanka is pleased to participate at the 44th Annual Meeting of Foreign Ministers. The theme of this year’s session is timely given the unprecedented challenges brought about by the COVID-19 pandemic.

The strong mandate given by the people of Sri Lanka to His Excellency the President, Gotabaya Rajapaksa, at the presidential election in November last year and at the general election earlier this year, for his Vision for Prosperity & Splendour gives us confidence to commit ourselves further to the goals of the G-77. For over half a century the G77 has provided a platform for developing countries to articulate and promote their collective interests and negotiating capacity, on all the major international economic issues within the UN system and to promote South-South cooperation for development. It has a significant role to play in the current context, driven by the spirit of solidarity of the Global South.

This includes facilitation of exchange of technology, resources & knowledge, and financial assistance to support our collective path to development as well as strengthening collaboration for the achievement of Sustainable Development Goals.

The Government of Sri Lanka has been managing the spread of COVID-19 through the strict implementation of health regulations in line with WHO regulations.

Sri Lanka’s commitment to achieving all 18 SDGS by 2030 is reflected in the appointment of a working group to study the current status of Sri Lanka’s implementation & progress towards achieving the SDGS.

The unprecedented consequences arising from the current health crisis has spilled over to economies, as reflected globally by exacerbating the vulnerabilities in trade, tourism, investment, and employment. Especially, developing countries are facing an additional burden. Sri Lanka reiterates the Group’s call for adequate funding for development initiatives, enabling the developing countries to overcome the multifaceted challenges that hinder the achievement of the SDGs. In this context I recall President Gotabaya Rajapaksa’s call to the international community at the Financing for Development Conference, for debt relief and to adopt fiscal policies to mitigate the impact of COVID-19.

Sri Lanka’s Economists, led by Dr. Gamani Corea, former Secretary General of UNCTAD, played a pioneering role in mobilizing support for South-South cooperation and the establishment of the South Commission & South Centre.

Poverty remains a great obstacle for the development of the Members States and we share the commitment of this Group to eradicate poverty in all its forms. Sri Lanka’s Presidential Task Force in charge of Economic Revival and Poverty Eradication operates with the objective of creating a production economy promoting local industries.  The Government has granted financial relief to over six million families and vulnerable groups and established a COVID – 19 Healthcare and Social Security Fund. We underscore the priority of making available a vaccine for COVID-19 to all.

It is essential that we concertedly seek to address the issue of climate change, fintec green economy, and mobilize our collective efforts on environmental protection.

My delegation congratulates His Excellency the President Dr. Mohamed Irfaan Ali of Guyana for his stewardship of the Group in these challenging times. In conclusion, I reiterate Sri Lanka’s commitment to the G-77, in collectively advancing the interests of the Group.

Ayubowan!

Thank you.

 

12 November 2020

 

The full video can be viewed at:  https://youtu.be/fFSIm7hATnM

...............................................

සංවර්ධනය වෙමින් පවතින රටවලට තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට බාධා පමුණුවන බහුවිධ අභියෝග ජය ගැනීම සඳහා ශක්තිය දෙමින්, සංවර්ධන වැඩසටහන් සඳහා ප්‍රමාණවත් අරමුදල් ලබා දීමේ වැදගත්කම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අවධාරණය කරයි

මෙම වසංගතය සහ වෙළඳාම, සංචාරක කටයුතු, ආයෝජන සහ සේවා නියුක්තිය කෙරෙහි එහි අහිතකර බලපෑම් හේතුවෙන් උග්‍ර වූ ගෝලීය තත්වය පිළිබඳ සන්දර්භය තුළ, තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීමට බාධා වන බහුවිධ අභියෝග ජය ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට හැකිවන පරිදි සංවර්ධන කටයුතු සඳහා ප්‍රමාණවත් අරමුදල් ලබා දෙන ලෙස 77 කණ්ඩායම කළ ඉල්ලීම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා යළි අවධාරණය කළේය.

77 කණ්ඩායමේ විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ හතලිස් හතරවැනි වාර්ෂික රැස්වීම, ගයානා සාමූහික ජනරජයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව නොවැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා දින අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණි. “ප්‍රධාන ප්‍රමුඛතා ගැටළු හා කොවිඩ්-19 වසංගතය සඳහා ගෝලීය ප්‍රතිචාරය සහ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට හා තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා පවතින බාධක” යන තේමාව යටතේ මෙම අන්තර. ක්‍රියාකාරී සංවාදය පැවැත්විණි.

වීඩියෝ ප්‍රකාශයක් මඟින්, අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී, ජී-77 හි අරමුණු සඳහා තවදුරටත් කැපවීමට ශ්‍රී ලංකාවට විශ්වාසය ලබා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව විසින් එතුමාට ලබා දී ඇති ප්‍රබල ජනවරම පිළිබඳව අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීමේ හා ප්‍රගතියේ වර්තමාන තත්ත්වය අධ්‍යයනය කිරීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් පත් කිරීම තුළින්, තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම පිළිබිඹු වන බව ද අමාත්‍යතුමා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින සියලුම ප්‍රධාන ජාත්‍යන්තර ආර්ථික ගැටලු හා සාමූහික අවශ්‍යතා ප්‍රකාශ කිරීම සහ සංවර්ධනය සඳහා දකුණු-දකුණු සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම කණ්ඩායම විසින් සපයන ලද වේදිකාව පිළිබඳව විදේශ අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේය. දකුණු-දකුණු සහයෝගීතාවයට සහයෝගය ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ (UNCTAD) හිටපු මහලේකම් ආචාර්ය ගාමිණී කොරෙයා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ ආර්ථික විද්‍යාඥයින්ගෙන් ලද මුල් දායකත්වය ද එතුමා සිහිපත් කළේය.

ප්‍රධාන දේශනය කළ ගයානා හි ජනාධිපති ආචාර්ය මොහොමඩ් ඉර්ෆාන් අලි මැතිතුමා හට, අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා කණ්ඩායමට ලබා දෙන නායකත්වය පිළිබඳව ප්‍රශංසා කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසියේ සභාපති වොල්කන් බොස්කීර් මැතිතුමා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මැතිතුමා ද රැස්වීම ඇමතූහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2020 නොවැම්බර් 13 වැනි දින

***

77 කණ්ඩායම සමඟ වැඩ කරන්න ශ්‍රී ලංකාවේ මැතිවරණ ජයග්‍රහණය අපිට ශක්තියක්

ඉකුත් වසරේ නොවැම්බර් මස පැවති ජනාධිපතිවරණයේ දී සහ මේ වසර මුල දී පැවති මහ මැතිවරණයේ දී, එතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනතාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන් ප්‍රබල ජනවරම මඟින් ජී-77 හි අරමුණු සඳහා තවදුරටත් කැපවීම සඳහා අපට ශක්තිය ලැබි ඇතැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. 77 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ 44 වන වාර්ෂික සමුළුවට අන්තර්ජාලය හරහා සම්බන්ධවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය.

"සාමූහික අවශ්‍යතා ප්‍රකාශ කිරීම සහ එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින සියලුම ප්‍රධාන ජාත්‍යන්තර ආර්ථික ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමේ හැකියාව ප්‍රකාශ කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට මෙන්ම, සංවර්ධනය සඳහා වන දකුණු-දකුණු සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිණිස, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ජී -77 මඟින් වේදිකාවක් සපයා ඇත. වර්තමාන සන්දර්භය තුළ දී, ගෝලීය දකුණේ සහයෝගීතාවයේ ශක්තිය මඟින් මෙහෙයවනු ලබන වැදගත් කාර්යභාරයක් එයට තිබේ.

තාක්ෂණය, සම්පත් සහ දැනුම හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසීම, සංවර්ධනය සඳහා වන අපගේ සාමූහික මාවතට සහාය වීම සඳහා මූල්‍යාධාර සැපයීම මෙන්ම, තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙයට ඇතුළත් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසිවලට අනුකූලව සෞඛ්‍ය රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකා රජය විසින් කොවිඩ්-19 ව්‍යාප්තිය කළමනාකරණය කරගෙන තිබේ.

2030 වන විට තිරසාර සංවර්ධන ඉලක්ක සියල්ල සාක්ෂාත් කර ගැනීම සඳහා වන ශ්‍රී ලංකාවේ කැපවීම, තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම ශ්‍රී ලංකාව තුළ දී ක්‍රියාවට නැංවීම පිළිබඳ වර්තමාන තත්ත්වය සහ ප්‍රගතිය අධ්‍යයනය කිරීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් පත් කිරීම තුළින් පිළිබිඹු වේ.

වර්තමාන සෞඛ්‍ය අර්බුදය තුළින් පැන නගින පෙර නොවූ විරූ ප්‍රතිවිපාක ආර්ථිකයන් වෙත පැතිරී තිබෙන බව, වෙළඳාම, සංචාරක කටයුතු, ආයෝජන සහ සේවා නියුක්තිය පිළිබඳ අවදානම් සහගත තත්ත්වයන් උග්‍ර කිරීම තුළින් ගෝලීය වශයෙන් පිළිබිඹු වේ. විශේෂයෙන්, සංවර්ධනය වෙමින් පවතින රටවල් අතිරේක බරකට මුහුණ දී තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවලට තිරසාර සංවර්ධන උපාය මාර්ග සාක්ෂාත් කර ගැනීමට බාධාවක් වන බහුවිධ අභියෝග ජය ගැනීමට හැකි වන පරිදි, සංවර්ධන වැඩසටහන් සඳහා ප්‍රමාණවත් අරමුදල් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව යළිත් වරක් කියා සිටී. මෙම සන්දර්භය තුළ, ණය සහන සඳහා සහ කොවිඩ්-19 හි බලපෑම අවම කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරන ලෙස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සංවර්ධන සහන පිළිබඳ සම්මේලනයේ දී ජාත්‍යන්තර ප්‍රජාවගෙන් කළ ඉල්ලීම මට සිහිපත් වේ.

UNCTAD හි හිටපු මහලේකම් ආචාර්ය ගාමිණී කොරෙයා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ ආර්ථික විද්‍යාඥයින් කණ්ඩායම, දකුණු-දකුණු සහයෝගීතාවයට සහය ලබා ගැනීම සහ දකුණු කොමිසම සහ දකුණු මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළහ.

දරිද්‍රතාවය, සාමාජික රාජ්‍යයන්ගේ සංවර්ධනය සඳහා  විශාල බාධාවක් ලෙස පවතින අතර, සියලු ආකාරවල දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන මෙම කණ්ඩායමේ කැපවීම සඳහා අප ද කොටස්කරුවන් වන්නෙමු. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම භාරව සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපති කාර්ය සාධක බලකාය, දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කරන නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ අරමුණෙන් යුතුව ක්‍රියාත්මක වේ. රජය, මිලියන හයකට අධික පවුල් හා අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා මූල්‍ය සහන ලබා දී ඇති අතර, කොවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවා තිබේ. සැම දෙනාටම කොවිඩ්-19 සඳහා එන්නතක් ලබා දීම පිළිබඳ ප්‍රමුඛතාවය අපි අවධාරණය කරන්නෙමු.

දේශගුණික විපර්යාස, හරිත ආර්ථිකය සඳහා මූල්‍ය තාක්ෂණය සැපයීම සහ පාරිසරික ආරක්ෂාව පිළිබඳ අපගේ සාමූහික ප්‍රයත්නයන් බලමුලු ගැන්වීම සඳහා අප සාමූහිකව ප්‍රයත්න දැරීම අත්‍යවශ්‍ය වේ.

මෙම අභියෝගාත්මක කාලසීමාවේ දී මෙම කණ්ඩායමට ලබා දෙන නායකත්වය පිළිබඳව ගයානා හි අතිගරු ජනාධිපති ආචාර්ය මොහොමඩ් ඉර්ෆාන් අලි මැතිතුමා වෙත මාගේ දූත පිරිස සුබ පැතුම් පිරිනමයි. අවසාන වශයෙන්, කණ්ඩායමේ අවශ්‍යතා සාමූහිකව පෙරට ගෙන යාමේ දී ජී -77 සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම මම යළි අවධාරණය කරමි."

ආයුබෝවන්!

ස්තුතියි.

 

2020 නොවැම්බර් 12 වැනි දින

 

The full video can be viewed at:  https://youtu.be/fFSIm7hATnM

...............................................

 நிலையான அபிவிருத்தி இலக்குகளை அடைவதற்குத் தடையாக இருக்கும் பன்முக சவால்களை சமாளிப்பதற்காக அபிவிருத்தியடைந்து வரும் நாடுகளுக்கு உதவும் அபிவிருத்தி முயற்சிகளுக்கான போதிய நிதியுதவியின் முக்கியத்துவத்தை வெளிநாட்டு அமைச்சர் தினேஷ் குணவர்தன சுட்டிக் காட்டினார்

தொற்றுநோய் மற்றும் வர்த்தகம், சுற்றுலா, முதலீடு மற்றும் வேலைவாய்ப்பு ஆகியவற்றிலான அதன் பாதகமான விளைவுகளின் காரணமாக அதிகரித்த உலகளாவிய சூழ்நிலையின் பின்னணியில் நிலையான அபிவிருத்தி இலக்குகளை அடைவதற்குத் தடையாக இருக்கும் பன்முக சவால்களை சமாளிப்பதற்காக அபிவிருத்தியடைந்து வரும் நாடுகளுக்கு உதவும் வகையில், அபிவிருத்தி முன்முயற்சிகளுக்கு போதிய நிதியுதவியை வழங்குவதற்காக 77வது குழுவிற்கு அழைப்பு விடுப்பதற்கான முக்கியத்துவத்தை வெளிநாட்டு அமைச்சர் தினேஷ் குணவர்தன மீண்டும் வலியுறுத்தினார்.

கயானா கூட்டுறவுக் குடியரசின் வெளிவிவகார மற்றும் சர்வதேச ஒத்துழைப்புக்கான அமைச்சரின் தலைமையில் 77வது குழுவின் வெளிவிவகார அமைச்சர்களின் நாற்பத்தி நான்காவது வருடாந்தக் கூட்டம் வியாழக்கிழமை (நவம்பர் 12) மெய்நிகர் இணைய வழியில் நடைபெற்றது. இந்த ஊடாடும் உரையாடலானது, ’முக்கிய முன்னுரிமைப் பிரச்சினைகள் மற்றும் கோவிட்-19 தொற்றுநோய்க்கான உலகளாவிய பிரதிபலிப்பு மற்றும் 2030 நிகழ்ச்சி நிரலை அமுல்படுத்துவதற்கும், நிலையான அபிவிருத்தி இலக்குகளை அடைவதற்கும் அது ஏற்படுத்தும் தடைகள்’ என்ற தலைப்பில் நடைபெற்றது.

ஜனாதிபதித் தேர்தல் மற்றும் பொதுத் தேர்தலில் இலங்கை மக்கள் ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்களுக்கு வழங்கிய வலுவான ஆணையானது, நாட்டைக் கட்டியெழுப்புவதற்கான அவரது செழிப்பான நோக்கிற்காக, ஜி-77 இன் இலக்குகள் தொடர்பில் இலங்கையை மேலும் ஈடுபடுத்துவதற்கான நம்பிக்கையை அளிக்கின்றது என ஒரு வீடியோ அறிக்கையில் அமைச்சர் குணவர்தன எடுத்துரைத்தார். இலங்கையின் செயற்பாடுகளின் தற்போதைய நிலை மற்றும் நிலையான அபிவிருத்தி இலக்குகளை அடைவதற்கான முன்னேற்றம் குறித்து ஆய்வு செய்வதற்காக நியமிக்கப்பட்டுள்ள செயற்குழு ஆகியவற்றினூடாக நிலையான அபிவிருத்தி இலக்குகளை அடைவதிலான இலங்கையின் அர்ப்பணிப்பு பிரதிபலிப்பதாக அவர் குறிப்பிட்டார்.

ஐ.நா. அமைப்பினுள் உள்ள அனைத்து முக்கிய சர்வதேச பொருளாதாரப் பிரச்சினைகள் குறித்தும், அபிவிருத்திக்கான தெற்கு-தெற்கு ஒத்துழைப்பை மேம்படுத்துவதற்கும், அபிவிருத்தியடைந்து வரும் நாடுகள் தமது கூட்டு நலன்களை வெளிப்படுத்துவதற்கும், ஊக்குவிப்பதற்கும் வழங்கப்பட்டுள்ள தளத்தை வெளிநாட்டு அமைச்சர் மேலும் சுட்டிக் காட்டினார்.

தெற்கு-தெற்கு ஒத்துழைப்புக்கான ஆதரவைத் திரட்டுவதில் வர்த்தகம் மற்றும் அபிவிருத்தி தொடர்பான ஐக்கிய நாடுகளின் மாநாட்டின் (UNCTAD) முன்னாள் பொதுச்செயலாளர் கலாநிதி. காமனி கொரியா அவர்களின் தலைமையிலான இலங்கையின் பொருளாதார வல்லுநர்களின் உண்மையான பங்களிப்பை அவர் மேலும் நினைவு கூர்ந்தார்.

முக்கிய குறிப்பு உரையை நிகழ்த்திய குழுவின் பொறுப்பாளராக செயலாற்றிய கயானாவின் அதிமேதகு ஜனாதிபதி கலாநிதி. மொஹமட் இர்பான் அலி அவர்களுக்கு அமைச்சர் குணவர்தன தனது வாழ்த்துக்களைத் தெரிவித்தார். ஐ.நா. பொதுச் சபையின் 75வது அமர்வின் தலைவர் வொல்கன் பொஸ்கிர் மற்றும் ஐக்கிய நாடுகள் சபையின் பொதுச்செயலாளர் அன்டோனியோ கட்டெரெஸ் ஆகியோரும் இந்தக் கூட்டத்தில் உரையாற்றினர்.

வெளிநாட்டு அமைச்சு

கொழும்பு

2020 நவம்பர் 13

 ***

77வது குழுவின் வெளிவிவகார அமைச்சர்களுக்கான 44வது வருடாந்தக் கூட்டம்

முக்கிய முன்னுரிமைப் பிரச்சினைகள் மற்றும் கோவிட்-19 தொற்றுநோய்க்கான உலகளாவிய பிரதிபலிப்பு மற்றும் 2030 நிகழ்ச்சி நிரலை அமுல்படுத்துவதற்கும், நிலையான அபிவிருத்தி இலக்குகளை அடைவதற்கும் அது ஏற்படுத்தும் தடைகள் தொடர்பான ஊடாடும் உரையாடலில் இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் வெளிநாட்டு அமைச்சர் கௌரவ தினேஷ் குணவர்தன அவர்களின் இடையீடு

  ...............................................

 கௌரவ தலைவர் அவர்களே,

மேன்மை தங்கியவர்களே,

மரியாதைக்குரிய விருந்தினர்களே,

77வது குழுவின் ஸ்தாபக உறுப்பினர் என்ற வகையில், வெளிவிவகார அமைச்சர்களுக்கான 44வது வருடாந்தக் கூட்டத்தில் பங்கேற்பதில் இலங்கை மகிழ்ச்சியடைகின்றது. இந்த ஆண்டின் அமர்விற்கான கருப்பொருளானது, கோவிட்-19 தொற்றுநோயால் முன்வைக்கப்பட்ட முன்னோடியில்லாத சவால்கள் தொடர்பான இத்தகைய சரியானதொரு நேரத்தில் வழங்கப்பட்டுள்ளது.

கடந்த ஆண்டு நவம்பரில் நடைபெற்ற ஜனாதிபதித் தேர்தலிலும், இந்த ஆண்டின் தொடக்கத்தில் நடைபெற்ற பொதுத் தேர்தலிலும் இலங்கை மக்கள் அதிமேதகு ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்களுக்கு வழங்கிய வலுவான ஆணையானது, நாட்டைக் கட்டியெழுப்புவதற்கான அவரது செழிப்பான நோக்கிற்காக, ஜி-77 இன் இலக்குகள் தொடர்பில் எம்மை மேலும் ஈடுபடுத்துவதற்கான நம்பிக்கையை அளிக்கின்றது. அரை நூற்றாண்டுக்கும் மேலாக, ஐ.நா. அமைப்பினுள் உள்ள அனைத்து முக்கிய சர்வதேச பொருளாதாரப் பிரச்சினைகள் குறித்தும், அபிவிருத்திக்கான தெற்கு - தெற்கு ஒத்துழைப்பை மேம்படுத்துவதற்கும், அபிவிருத்தியடைந்து வரும் நாடுகள் தமது கூட்டு நலன்களை வெளிப்படுத்துவதற்கும், ஊக்குவிப்பதற்கும் ஜி-77 ஒரு தளத்தை வழங்கியுள்ளது. தற்போதைய சூழலில், இது உலகளாவியத் தெற்கின் ஒற்றுமையின் உணர்வால் இயக்கப்படும் குறிப்பிடத்தக்கதொரு வகிபாகத்தைக் கொண்டுள்ளது.

தொழில்நுட்பம், வளங்கள் மற்றும் அறிவுப் பரிமாற்றம், அபிவிருத்திக்கான எமது கூட்டான பாதையை ஆதரிப்பதற்கான நிதியுதவி மற்றும் நிலையான அபிவிருத்தி இலக்குகளை அடைந்து கொள்வதற்கான ஒத்துழைப்பை வலுப்படுத்துதல் ஆகியவை இதில் உள்ளடங்குகின்றன.

உலக சுகாதார அமைப்பின் விதிமுறைகளுக்கு இணங்க சுகாதார விதிமுறைகளை கடுமையாக நடைமுறைப்படுத்துவதன் மூலம் கோவிட்-19 தொற்றுநோயின் பரவலை இலங்கை அரசாங்கம் நிர்வகித்து வருகின்றது.

இலங்கையின் செயற்பாடுகளின் தற்போதைய நிலை மற்றும் நிலையான அபிவிருத்தி இலக்குகளை அடைவதற்கான முன்னேற்றம் குறித்து ஆய்வு செய்வதற்காக நியமிக்கப்பட்டுள்ள செயற்குழுவினூடாக 2030ஆம் ஆண்டளவில் அனைத்து நிலையான அபிவிருத்தி இலக்குகளை யும் அடைவதிலான இலங்கையின் அர்ப்பணிப்பு பிரதிபலிக்கின்றது.

தற்போதைய சுகாதார நெருக்கடியிலிருந்து எழுகின்ற முன்னோடியில்லாத விளைவுகள், வர்த்தகம், சுற்றுலா, முதலீடு மற்றும் வேலைவாய்ப்பு ஆகியவற்றில் உள்ள பாதிப்புக்களை அதிகரிப்பதன் மூலம் உலகளவில் பிரதிபலிக்கும் வகையில் பொருளாதாரங்கள் மீது பரவியுள்ளன. குறிப்பாக, அபிவிருத்தியடைந்து வரும் நாடுகள் மேலதிகமான சுமையை எதிர்கொள்கின்றன. அபிவிருத்தியடைந்து வரும் நாடுகள் நிலையான அபிவிருத்தி இலக்குகளை அடைவதற்குத் தடையாக இருக்கும் பன்முக சவால்களை சமாளிப்பதற்கு உதவும் வகையில், அபிவிருத்தி முயற்சிகளுக்கு போதிய நிதியுதவியை வழங்குவதற்கான குழுவிற்கு அழைப்பு விடுப்பதனை இலங்கை மீண்டும் வலியுறுத்துகின்றது. இந்த சூழலில், அபிவிருத்திக்கான நிதியுதவி, கடன் நிவாரணம் மற்றும் கோவிட்-19 இன் தாக்கத்தை குறைப்பதற்கான நிதிக் கொள்கைகளை பின்பற்றுவதற்காக ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்கள் சர்வதேச சமூகத்திற்கு விடுத்த அழைப்பினை நான் நினைவு கூர்கின்றேன்.

தெற்கு-தெற்கு ஒத்துழைப்புக்கான ஆதரவைத் திரட்டுவதிலும், தெற்கு ஆணைக்குழு மற்றும் தெற்கு மையத்தை நிறுவுவதிலும் வர்த்தகம் மற்றும் அபிவிருத்தி தொடர்பான ஐக்கிய நாடுகளின் மாநாட்டின் (UNCTAD) முன்னாள் பொதுச்செயலாளர் கலாநிதி. காமனி கொரியா அவர்களின் தலைமையிலான இலங்கையின் பொருளாதார வல்லுநர்கள் முன்னோடியான வகிபாகத்தைக் கொண்டிருந்தனர்.

உறுப்பு நாடுகளின் அபிவிருத்திக்கு வறுமை ஒரு பாரிய தடையாக உள்ளதுடன், வறுமையை அதன் அனைத்து வடிவங்களிலும் ஒழிப்பதற்கான இந்தக் குழுவின் உறுதிப்பாட்டை நாங்கள் பகிர்ந்து கொள்கின்றோம். உள்நாட்டு தொழில்வாய்ப்புக்களை ஊக்குவிக்கும் உற்பத்திப் பொருளாதாரத்தை உருவாக்கும் நோக்கத்துடன் பொருளாதார மறுமலர்ச்சி மற்றும் வறுமை ஒழிப்புக்குப் பொறுப்பான இலங்கையின் ஜனாதிபதி செயலணி செயற்படுகின்றது. ஆறு மில்லியனுக்கும் அதிகமான குடும்பங்கள் மற்றும் பாதிக்கப்படக்கூடிய குழுக்களுக்கு அரசாங்கம் நிதி நிவாரணத்தை வழங்கியுள்ள அதே வேளை, கோவிட்-19 சுகாதார மற்றும் சமூகப் பாதுகாப்பு நிதியத்தையும் நிறுவியுள்ளது. அனைவருக்கும் கோவிட்-19 க்கான தடுப்பூசியை கிடைக்கச் செய்வதன் முன்னுரிமையை நாங்கள் குறிப்பாக சுட்டிக் காட்டுகின்றோம்.

காலநிலை மாற்றம் மற்றும் ஃபிண்டெக் பசுமைப் பொருளாதாரம் போன்ற பிரச்சினைகளுக்கு தீர்வு காணுதல் மற்றும் சுற்றுச்சூழல் பாதுகாப்பு தொடர்பான எமது கூட்டு முயற்சிகளை அணிதிரட்டுதல் ஆகியவற்றுக்கு நாங்கள் ஒன்றிணைந்து செயலாற்ற வேண்டியது அவசியமாகும்.

இந்த சவால் மிகுந்த கால கட்டங்களில் குழுவின் பொறுப்பாளராக செயலாற்றிய கயானாவின் அதிமேதகு ஜனாதிபதி கலாநிதி. மொஹமட் இர்பான் அலி அவர்களுக்கு எனது பிரதிநிதிகள் வாழ்த்துக்களைத் தெரிவித்துக் கொள்கின்றார்கள். இறுதியாக, குழுவின் நலன்களை கூட்டாக முன்னேற்றுவதில், ஜி -77 க்கான இலங்கையின் உறுதிப்பாட்டை மீண்டும் வலியுறுத்துகின்றேன்.

ஆயுபோவன்!

நன்றி.

 

2020 நவம்பர் 12

 

The full video can be viewed at:   https://youtu.be/fFSIm7hATnM